Programing Part 02


C Programing Part 02




සිංහලෙන් C Programing ඉගෙන ගන්න වැඩේ පටන් ගමු.  

C ක්‍රමලේඛන භාෂාවේ මූලිකව ගොඩනැගී ඇති කොටස් අධ්‍යයනය කිරීමට පෙර අපි බලමු C වැඩසටහන් ව්‍යුහය


C වැඩසටහනක් මූලික වශයෙන් පහත කොටස් වලින් සමන්විත වේ:

01. Preprocessor (පෙර සැකසුම් විධාන)
02. Functions (ශ්‍රිත)
03. Variables (විචල්‍යන්)
04. Statements & Expressions (ප්‍රකාශන සහ ප්‍රකාශනඅදහස්)

C Programing ඉගෙන ගන්න ඔනෙම කෙනෙක් මුලින් කරන්නේ "Hello World" වචනය මුද්‍රණය කරන සරල වැඩසටහනයි.

දැන් මෙම වැඩසටහනේ විවිධ කොටස් දෙස බලමු

01.  වැඩසටහනේ පළමු පේළිය #include <stdio.h> යනු පෙර සැකසුම් විධානයකි. මෙය සෑම කෙතනයකට පෙර යෙදිය යුතුයි. ඉදිරියෙදී වැටහෙයි.

02.  ඊළඟ පේළිය int main () යනු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ වන ප්‍රධාන කාර්යයයි.

03.  ඊළඟ පේළිය /*...*/ සම්පාදකයා විසින් නොසලකා හරිනු ඇති අතර මෙ කොටසේ ඇති දෙවල් ක්‍රියාත්මක නොවේ. වැඩසටහනේ comment ඇතුලත් කරන්නේ මෙසෙය.

04.  ඊලඟ පේළිය printf (...) යනු පණිවිඩයට හේතු වන C හි ඇති තවත් ශ්‍රිතයකි. ("Hello World"  තිරය ​​මත දර්ශනය වීමට)

05.  main() ශ්‍රිතය අවසන් කර 0 අගය ලබා දෙයි. මෙයින් වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක වුවාද කියා දැන ගත හැක.

06. "\n" මෙයින් සිදුවන්නේ අලුත් පෙලියක් ලබා ගැනීමයි.

C වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා Save කර ගන්න ආකාරය බලමු.

සරල පියවර:
01. Save කිරීමෙදී ගොනුව hello.c ලෙස Save කරමු.
කැමති නමකින් Save කරගන්න පුලුවන් අවසානෙට .c ලෙස තිබිය යුතුයි.

02. දැන් ඉහලින් ඇති Menu එකේ Excute ---> Compiler කරාම Error තිබ්බොත් දැන ගන්න පුලුවන්.

03. ඊලඟට Error නැත්නම් Excute ---> Run කරාම "Hello World" තිරය මත මුද්‍රණය කර ඇති ආකාරය ඔබට දැකගත හැකිය.

ඔන්න C Language එකේ තියන සරලම Programing එක කරලා ඉවරයි. මෙ කොටසට අදාළ ප්‍රශ්න තියනවානම් Comment එකක් දාන්න.


මතු සම්බන්ධයි....❤️

Comments